අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) උඩුනුවර ජනාධිපතිවරණ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහා සංඝරත්නය, මුස්ලිම් හින්දු මේ සෑම ජනතාවක් ම පන්සලට, පල්ලියට, දේවස්ථානයට ගිහින් බෝධි පූජා තිබ්බේ, දෙවියන්ට කන්නලව් කළේ රට බේරා දෙන්න කියලා. ඒ ජනතාවගේ පැතුම් ඉටු කරමින් ආශ්චර්යයක් සිදු වුණා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකත්වයට නම් කිරීම. මහා ආශ්චර්යයේ ඇරඹුම එතැනින් සනිටුහන් වුණා යනුවෙන් ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
අවුරුදු තිහක් ඔඩුදුවපු එල්.ටී.ටී.ඊ' එක ඉවර කරන්න ජේ.ආර්.ට බැරි වුණා. පේ‍්‍රමදාසට, ඩී.බී. විජේතුංගට වගේ ම චන්ද්‍රිකාටත් බැරි වුණා. එහෙම කරන්න ශක්තියක් ධෛර්යයක් සහ ඕනෑකමක් තිබ්බ එකම නායකයා අතිගරු ජනාධිපතිතුමා.
2005 වෙනකොට අපි ලෝකයේ ඉතා ම දුප්පත් රටක්. පාසලකට රට හුණු කෑල්ලක් දෙන්න, පන්සලකට වැසිකිළියක් හදාගන්න කීයක් හරි දෙන්න ආණ්ඩුවට සල්ලි තිබුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා එහෙම රටක් 2005දී භාර ගත්තා. ඒ අතරතුර සමස්ත ලෝකයට ම බලපාපු 2007 ලෝක මූල්‍ය අර්බුදය, 2008-9දී ඇතිවුණු ඉන්ධන අර්බුදය, 2009 දී ඇතිවුණු ආහාර අර්බූදය ඉදිරියේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය වගේ රටවල් දරුණු ආර්ථික අවපාතයකට යද්දී කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කරන්නට අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් වුණා. 1977 ඉඳලා 2005 වෙනතුරු රටේ ආර්ථික වර්ධන වේගය සියයට 4ට වඩා අඩු වෙලා තිබ්බේ.
ලෝකයෙන් හිඟාකන රටක් වෙලා තිබුණු ශ‍්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වන මධ්‍යම මට්ටමේ ආර්ථිකයක් සහ ලොව වේගයෙන් ම දියුණුවන රටවල් අතර අංක දෙකට ගෙනෙන්ට කටයුතු කළේ අතිගරු ජනාධිපතිතුමයි.
අපේ විශ්වවිද්‍යාලවල ලෝකයේ රටවල් 43ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්නවා. රටවල් 43කට ශිෂ්‍යත්ව දෙන්න තරම් අපිට අද පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා අනෙකුත් රටවල්වලින් අද අපේ රටට සම්පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙන්නේ නැහැ. අපි අපේ ආචාර්ය මහාචාර්යවරු ආචාර්ය උපාධි සහ පශ්චාද් උපාධි කටයුතු සඳහා යවන්නේ සල්ලි ගෙවලා.
ඉබෝලා වෛරසයට බෙහෙත් කරන්නට අද අපේ රටින් වෛද්‍ය කණ්ඩායම් යවනවා. 5,164,000ක් ගෙවල්වලින් අද පැල්පත් තිබෙන්නේ 60,000ක් විතරයි. එකෙනුත් 50,000ක් තිබෙන්නේ උතුරේ. හේතුව වුණේ ප‍්‍රභාකරන් අන්තිම අවස්ථාවේ තමන්ගේ වටේට ආවරණය දෙන්න කියලා මිනිස්සුන්ට ගෙවල්වල වහල ගලවාගෙන එන්න කියපු නිසා. ඒත් තව මාස කිහිපයකින් ලංකාවේ පැල්පත් නැහැ. විදුලිය නැති ගෙවල් නැහැ.
ඒ වගේ ම ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය මහා සංවර්ධන අය-වැයක්. උසස් අධ්‍යාපනයට මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ රුපියල් මිලියන 40,000ක්. එතුමා 41,000ක් වෙන් කළා. උසස් අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනයට එතුමා ලබාදෙන සහයෝගය සහ දිරිගැන්වීම එයින් ම පෙනෙනවා. සල්ලි මේ විදියට වෙන් කරන්නට පුළුවන් වෙන්නේ අපිට සල්ලි තියෙන නිසා. අපි දැන් ඉන්නේ ආර්ථික වර්ධන වේගය සියයට 8ක. අපි මේ අවුරුද්දේ බලා පොරොත්තු වුණේ සංචාරකයන් ලක්ෂ 12ක්. නමුත් අද වන විට ලක්ෂ 15ක් වෙලා. අපිට දැන් සල්ලි තියෙනවා.
ආලෝකයේ ඉඳගෙන ආපහු අන්ධකාරයට යන්න කවුරුත් අකමැති බවත් ඒ නිසා අවුරුදු සීයකට පස්සේ රට නැඟිටුවන ඒ ජාතියේ නායකයා අපි ආරක්ෂා කර ගනිමු යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, උඩුනුවර ප‍්‍රාදේශීය සභා සභාපති බන්දුල සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
DB