මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස ප‍්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වේ

    ඔක්තෝබර් 22, 2014
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් සම්පාදිත ජාතික නිවාස ප‍්‍රතිපත්තියේ ක‍්‍රියාකාරි සැලැස්ම  එළිදැක්වීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින රාජගිරිය මහ බැංකු ශ‍්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. 
     
    ජාතික නිවාස  සැලැස්ම ක‍්‍රියාත්මක කිරිම සඳහා නිවාස ඉදිකිරීම සහ ඒ ආශ‍්‍රිත සේවා සැපයීමට සම්බන්ධ ව ඇති අමාත්‍යාංශ 25කින් සමන්විත ජන සෙවණ වැඩසටන සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පිහිටුවා ඇති අතර සැලැස්මේ  සම්බන්ධීකරණය ගොඩනැගීම සඳහා දිස්ත‍්‍රික් නිවාස කමිටු ද, ප‍්‍රාදේශීය නිවාස කමිටු ද, ග‍්‍රාමීය නිවාස කමිටු ද පිහිටුවා ඇත. 
     
    2015 වසරේ සිට මෙම ජාතික නිවාස සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය විමල් විරවංශ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාලනී ෆොන්සේකා මහත්මිය සහ  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya