මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර සංවර්ධනයට දුන් මුදල් 2015ට පෙර සංවර්ධන වැඩට යොදවන්න

    ඔක්තෝබර් 22, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධනයට ජනපති උපදෙස් මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ලබා දුන් හැම ශතයක්ම වසර අවසාන වීමට පෙර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා අවසන් කරන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


    අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන හා උතුරු මැද  පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර  ශ‍්‍රී ලංකා මහ බැංකු ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදි චන්ද්‍රසේන මහතා මෙසේද කීය.


    අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධනයට මෙම වසරේ රුපියල් මිලියන තුන්දහස්දෙසිය අනූහතරක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ලබා දෙනු ලැබීය. එම මුදල් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වන විට යොදවා ඇති අතර තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවිධ ප‍්‍රශ්න හා ගැටලු හේතුවෙන් පමා වී ඇතත් ඉදිරි මාස එක හමාර තුළ එම සියලු ව්‍යාපෘතීන් අරඹන ලෙසත් රජය ලබා දුන් ශතයක්වත් ආපසු භාණ්ඩාගාරයට යැවීමට ඉඩ නොතබන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. 

    සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමේදි  කුමන ගැටලු පැන නැගුණත් මහජන සුබ සිද්ධිය උදෙසා උපරිම ශක්තිය හා බලය යොදවා කටයුතු කළ යුතු බවත් ඔහු කීය.

    අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සම සභාපති හා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා කෘෂිකර්මාන්තය ජීවන රටාව කරගත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාව වී වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දීමට රජය රුපියල් කෝටි ගණනක් වැය කර වැව් නවීකරණය කරමින් සිටින බවත් එම  කටයුතු සාර්ථකව සිදු කිරීම පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් සේ ම මහජන නියෝජිතයින් හා ගොවි සංවිධාන කැප වී කටයුතු කිරීම ඉතා අගය කරන බවත් කීය.

    හේන්  වගාව සඳහා රජය සතු ඉඩම් ශුද්ධ පවිත‍්‍ර කිරීමේදි වන සංරක්‍ෂණ නිලධාරීන් මානුෂික හැඟීමෙන් යුතු ව කටයුතු කළ යුතුය. පාරම්පරික හේන් වගා ඉඩම් වගා කිරීමේදි හේන් ගොවියා අධිකරණයට නොයැවීමට කටයුතු කළ යුතු බවත් කීය. සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදි නීතිරීති හරස් කර නොගත යුතුය. වසර අවසාන වීමට පෙර සියලු මුදල් සංවර්ධනය සඳහා යෙදවීම උදෙසා ප‍්‍රශ්න හා ගැටලු ඉතා කඩිනමින් විසඳාගත යුතු බවද ඔහු පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්ලිව්.බී. ඒකනායක, එස්.සී. මුතුකුමාරණ මහත්වරු ද පළාත් සභා හා පළාත් පාලන මැති ඇමතිවරු රැසක් ද අනුරාධපුර දිසාපති ප‍්‍රමූඛ රාජ්‍ය නිලධාරීහු ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya