මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ හය වන අදියර නැගෙනහිර කොළඹත්

    ඔක්තෝබර් 21, 2014

    දිවි නැගුම ජාතික ව්‍යාපාරය 6වන අදියර යටතේ ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයක් සවිබල ගැන්වීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයක් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමඟාමී ව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20)වන දින නාරාහේපිට ගෞතම විහාස්ථානයේදී සිදු කෙරිණ.


     මෙහිදී තෝරාගනු ලැබූ ප්‍රතිලාභීන් වෙත වර්ග 7කින් සමන්විත වන එළවළු බීජ කට්ටලයක් ද, වර්ග 4කින් සමන්විත වන එළවළු පැළ 9ක්ද සමඟින් පළතුරු පැළ, පොල් පැළ, කුළුබඩු භෝග පැළ ද, විශේෂ බෝගයක් ලෙස කතුරුමුරුංගා පැළ ද බෙදා දීම සිදු කරනු ලැබීය. 


     එසේ ම ඉදිරියේ නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ, තිඹිරිගස්යාය - ටොරින්ටන් මහල් නිවාස ක්‍රීඩා ශාලාව, කිරුළ - මහාමාත්‍ය විද්‍යාලය, කිරුළපන - පූර්වාරාමය, ගෝතමීපුර - ලක් විදුහල ප්‍රජා ශාලාව, නැගෙනහිර පාමංකඩ - බලපොකුණ විහාරය, බටහිර පාමංකඩ - ධර්මෝධය විහාරය යන ස්ථානයන්හි දී ද අඩුආදායම්ලාභීන් වෙත පැළ බෙදා දීමට නියමිතය.


     
    නාරාහේන්පිට ගෞතම විහාරාධිපති ඕමල්පේ සුමනරතන නායක හිමිපාණන් වහන්සේ, නාගරික මන්ත්‍රී එම්.ඒ.දේවිකා මහත්මිය, දිවිනැගුම ජාතික ව්‍යාපෘතියේ නිලධාරීන් සහ  දිවිනැගුම ප්‍රතිලාභීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya