මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි පුදා මුදා ගත් මව්බිම දිවි හිමියෙන් රැක ගැනීම තාරුණ්‍යයේ වගකීමයි

    ඔක්තෝබර් 21, 2014
    සමාජ සාධාරණත්වය පතා උතුරේ මෙන් ම දකුණේත් තාරුණ්‍යය වරින්වර නැඟී සිටි බවත් එම තාරුණ්‍යයේ ආවේගශීලීත්වයට නායකත්වය දීමට ඉදිරිපත් වූ ඇතැම් අන්තවාදී සංවිධාන එම තරුණ ආවේගශීලීත්වය ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු සපුරා ගැනීමට යොදා ගැනීම නිසා රටේ තාරුණ්‍යයටත් රටටත් මහත් විපතක් සිදු වූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැම විට කටයුතු කර ඇත්තේ මේ රටේ තරුණ පරපුර රැක ගනිමින් ඔවුනගේ ජීවිත මෙන් ම රටේ මතු දවසත් යහපත් කිරීමේ අරමුණින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ  පසුගිය දින දැදිගම මැතිවරණ කොට්ඨාසයේ කලාපීය මට්ටමින් පැවති ශ්‍රී.ල.නි.ප. තරුණ සමුළු අමතමිනි.
     
    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල ශ්‍රී.ල.නි.ප. තරුණ සංවිධානයේ සභාපති කනක හේරත් මහතා සංවිධානය කළ මෙම තරණ හමු බෙලිගල, දැදිගම, ඇල්පිටිය, දොරවක, මාහේන, අල්ගම යන කලාපවල පැවැත්විණි.
     
    මෙහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ දිළිඳු බව, රැකියා වියුක්තිය ඇතුළු විවිධ සමාජ අසාධාරණය හමුවේ මේ රටේ තරුණ පිරිස් නැගී සිටි බවය. 
     
    දකුණේ මෙන් ම උතුරේත් සමාජ පීඩනයට එරෙහි ව මේ රටේ තරුණයෝ නැගී සිටියා. තරුණ්‍යය ආවේගශීලීයි. එසේ ම අයුක්තිය හා අසාධාරණය හමුවේ ඔවුන් නැගී සිටිනවා. තරුණයන් එසේ අගතියට අසාධාරණයට එරෙහි ව නැගී සිටි අවස්ථාවල ඔවුන්ට නායකත්වය දීමට අවස්ථාවාදී දේශපාලන බලවේග ඉදිරිපත් වුණා.
     
    උතුරේ එවන් තරුණ ආවේගයන්ට නායකත්වය දීමට බෙදුම්වාදී හා ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊය ඉදිරිපත් වුණා. දකුණේත් සිදු වූයේ එය වැනි ම පෙළ ගැස්මක්. එසේ උතුරේත් දකුණේත් අන්තවාදී දේශපාලන ව්‍යාපාර රටේ තාරුණ්‍යය තම දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගැනීමෙන් උතුරේත් දකුණෙත් තරුණ පිරිස් මවු බිමට අහිමි වුණා.
     
    එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි තාරුණ්‍යයේ බලය වන නිල් බලකායත් තරුණ ලේ දෑතේ තවරා ගත් පක්ෂයක් හෝ සංවිධානයක් නො වේ . අපේ පක්ෂය රට ජාතිය වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ, ජීවිත පරිත්‍යාග කළ පක්ෂයක්.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ තරුණ පරපුරට සෞභාග්‍යය හඳුන්වා දෙන නායකයෙක්. එතුමා රට ගොඩනගනුයේ තාරුණ්‍යයට රටේ පුළුල් ඉඩ කඩක් ලබා දෙමින්. පාසැල්, විශ්වවිද්‍යාල, කම්හල්, රෝහල් වසා දැමීම හෝ විනාශ කර දැමීම අපේ පක්ෂයේ පිළිවෙත නො වේ. එම ආයතන ගොඩනගමින් ජීවිත හා ජීවත්වීමේ අයිතිය රැකදිමත්, සෑම ජීවිතයකටම වඩාත් සෞභාග්‍යමත් ජීවිතයක් ළඟා කර දීමත් අප පක්ෂයේ පිළිවෙතයි. අපේ ම තරුණ වයසේ රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ ද , ජීවිතද පුදා දෙකඩ ව තිබූ මේ මාතෘභූමිය එක්සත් කළා. තරුණ ඔබේ වගකීම ඒ එක්සත් ඒකීය ශ්‍රී ලංකාව යළි බෙදා වෙන් කීරීමට එළිපිටත් රහසිගතවත් කඳවුරු බඳින ජාතික හා විජාතික බලවේගවලට එරෙහි ව පෙරමුණ ගැනීම බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
     
    මෙම සමුළු මාලාව අමතා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කීර්ති ශ්‍රී විජේතුංග මහතාඅදහස් දැක් වූ අතර පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා ද, පළාත් සභා මන්ත්‍රී සමන්මලී සකලසූරිය මෙනවිය ද මේ අවස්ථාවට සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya