මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසර බේරුවල තරුණ පරපුරේ වසරයි

    ඔක්තෝබර් 17, 2014

    ලබන වසර බේරුවල තරුණයන්ගේ වසර බවත් ඒ නිසා මේ වසරේ තරුණයන්ට අවශ්‍ය දේවල් කරන්න තීන්දු කළ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල, හල්කඳවිල උප නගරයේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයේදීය.

    ඒ අනුව ක්‍රීඩාංගණ 16 හඳුනාගෙන ඒවා හදන්න දැන් වැඩ කරන අතර අලුත්ගම හා ඩී.එස්. එකේ ක‍්‍රීඩා පිට්ටනි හදන බවත් අපේ තරුණ තරුණයන්ට ක‍්‍රීඩා කරන්න වගේ ම ව්‍යායාම කරන්නත් ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන හෙවත් Fitness Center 08 හදන බවත් ඔහු සඳහන් කළේය. සමහර දුප්පත් අයට මේ වගේ තැන්වලට යන්න සල්ලි නැති නිසා මේ වගේ තැන්වලට යන්න ඒ අය වෙනුවෙන් පහසුකම් සහිත ව මෙවැනි මධ්‍යස්ථාන ඉදිකරන බවත් ඔහු සඳහන් කළේය. 

    බේරුවල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති නෙවිල් රංජිත් මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හල්කඳවිල උප නගරයේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මේ යටතේ හල්කඳවිලට වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම්පොළක්, පොලිස් ස්ථානයක්, පුස්තකාලයක්, කාර්යාල සංකීර්ණයක්, නළ ජල පහසුකම්, විදුලි පහසුකම්, මාර්ග පද්ධති ඇතුළු පොදු පහසුකම් රැසක් ම ලැබෙනු ඇත. මේ යටතේ දැනටමත් වෙළෙඳපොළ හා වෙළෙඳ සංකිර්ණය සාදා නිම කර ඇත. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 225ක් පමණ වැය කිරීමට නියමිතය. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "බේරුවල ආසනයේ මුළු මහත් සංවර්ධනය හැම අංශයකින් ම අප සැලසුම් කළා. හල්කඳවිල ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් ගොඩකිරීමට රුපියල් ලක්‍ෂ 2, 1/2ක් පමණ වැය වුණා. පුස්තකාලයට රුපියල් ලක්‍ෂ 110ක් වෙන්කරලා තියෙනවා. නැවත වෙළෙඳ සංකීර්ණය හදන්නට තව රුපියල් ලක්‍ෂ 32ක් වෙන් කර තියෙනවා. වෙළෙඳපොළේ ඉතුරු ටික හදන්නත් තව රුපියල් ලක්‍ෂ 20ක් වෙන් කර තියෙනවා. වෙළෙඳ සංකීර්ණයේ උඩ තට්ටුවට රුපියල් ලක්‍ෂ 43කුත් අනෙක් තට්ටුවට රුපියල් ලක්‍ෂ 20කුත් ඇතුළු ව රුපියල් ලක්‍ෂ 173ක් වෙන් කර තියෙනවා. 

    පොරොන්දු වූ පරිදි හල්කඳවිල පිට්ටනිය හදන්නත් අද ආරම්භ කළා. එයට රුපියල් ලක්‍ෂ 51ක් වියදම් වුණා. නිවාස ව්‍යාපෘතිය හදන්න මේ වසරට රුපියල් කෝටි 120ක් ගෙනාවා. අද 90%ක් විතර පාරවල් හදලා ඉවරයි. තව 10%ක් විතර තියෙන්නේ. විදුලිය දීලා ඉවරයි. වතුරවලට මුදල් වෙන්කර ඉවරයි. ඒ නිසා අපි මේ වසරේ තීන්දු කළා තරුණයන්ට අවශ්‍ය දේවල් කරන්න. මේ විදියට කරද්දී බේරුවල අති නවීන නගරයක් බවට පත්වෙනවා" යැයි පැවසීය.

    මෙම අවස්ථාවට බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති කුෂ්මන් ද සිල්වා, උප සභාපති නෙවිල් රංජිත් මහත්වරු ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සහභාගී වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya