නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජය බිමේ අස්වනු - ගෙනෙන ගොවි අරුණළු" දිවයින පුරා

    ඔක්තෝබර් 17, 2014

    දිවයින පුරා සිටින ගොවීන් ඒකරාශී කරමින් ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමේ අරමුණෙන් "ජය බිමේ අස්වනු - ගෙනෙන ගොවි අරුණළු" යන තේමාවෙන් ගොවි හමු පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව දීප ව්‍යාප්ත ව ගොවි හමු පැවැත්වීමේ සමාරම්භය නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වේ. එහි ප‍්‍රථම ගොවි හමුව ඔක්තෝබර් 21 දින මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.


    දිවයිනේ සෑම ගොවිජන කේන්ද්‍රයක් ම ආවරණය වන පරිදි ගොවි ජන සේවා බල ප‍්‍රදේශ නියෝජනය වන ලෙස මෙම ගොවි හමු පැවැත්වෙනු ඇත. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිලධාරීන් ඉදිරිපත් කරනු ලබන යෝජනා ක‍්‍රියාවට නැංවීම වඩා කෘෂි ක්ෂේත‍්‍රය තුළ අත්දැකීම් සහිත ගොවීන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වඩාත් ඵලදායී විය හැකිය. මෙම ගොවි හමු තුළදී ගොවීන්ට තමන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කළ හැකිය. දැනට ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරදි විය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ හැකිය. 

    ගොවි හමුවලදී ගොවි සංවිධානවල තොරතුරු රැස් කිරීමේ අයදුම්පතක් ලබා දෙන අතර එමඟින් ගොවි සංවිධානයේ සහ දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික තොරතුරු ලබා ගැනීමට කටයුතු කරයි. 

    මෙහිදී ගොවි සංවිධානවල සියලු සාමාජිකයන් එක් ස්ථානයකට රැස් වී කෘෂිකර්මාන්තයේ දී මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබඳ ව විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වේ. කෘෂිකර්මාන්තය 

    සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාව සමඟ ඵකතු වන නිසා ගොවි ගැටලු ඍජුව ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති වේ. 

    2014 ජාතික ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමී ව මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම ග‍්‍රාම සේවා නිලධාරී වසම් සහ ගොවිජන සේවා බල ප‍්‍රදේශ අවරණය වන පරිදි ගොවි හමු 650ක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සමත් විය. එහි සාර්ථකත්වය හේතුවෙන් ගොවි හමු පැවැත්වීම දීප ව්‍යාප්ත ව සිදු කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මේ ආකාරයෙන් දිවයින පුරා ගොවි හමු පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    දිස්ත‍්‍රික් මට්ටමින් සියලු ම කෘෂිකර්ම නිලධාරීන් ගොවි හමුවලට සහභාගී වන අතර කෘෂිකර්ම ව්‍යාප්ති සේවය ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි. කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතාගේ අධීක්ෂණය යටතේ ගොවි හමු පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති සභාව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය, ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම යන සියලු ම ආයතන සම්බන්ධ වේ.


    ගොවීන් හමුවී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන, ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙස මෙම ගොවි හමු පැවැත්වීමේ වැඩසටහන වඩාත් සාර්ථක වනු ඇති බව කෘෂිකාර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya