ඒ අනුව මහනුවර දිස්ත්රික්කය පුරා ග්රාම නිලධාරී වසම් මට්ටමින් අද දින සමාරම්භක උත්සව පැවැත්වීමටත්, එහිදී බීජ හා පැළ ලබාදීමටත් සැලසුම් කොට ඇත.
ග්රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් තෝරා ගත් ගෙවතු සඳහා එළවළු පැළ හා බිජ පැකට් ලබාදීමට කටයුතු යොදා ඇති අතර එක් වසමක් සඳහා පලතුරු පැළ 100 බැගින් ලබාදීමට කටයුතු යොදා තිබේ.
එමෙන් ම ගෙවතු හිමියන්ගේ ඉල්ලීම් ලැබුණු පරිදි පොල් පැළ 25,000ක් ද කුකුළු පැටවුන් 7,421ක් ද බෙදා දීමට කටයුතු යොදා ඇත. මෙම අදියරේදී පාසල්වලට හා කාර්යාලවලටත් බීජ හා පැළ වර්ග බෙදා දෙනු ඇත.
NDH/TA-dmu kandy