මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු හා මධ්‍ය පරිමාණ අංශය නැංවීමට මෙවර අයවැයෙන් වැඩි ඉඩක්

    ඔක්තෝබර් 07, 2014
    පූර්ව අයවැය අදහස් විමසීම්වලදී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ව්‍යවසායකයන්ගෙන් අතිවිශාල යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බැවින් 2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත්  හිතකර එකක් වීමට වැඩි ඉඩක් ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, මාතර හා ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩල හා එක්ව ප්‍රථම සංවිධානය කළ, දකුණු පළාතේ හොඳ ම ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැත්වූ උළෙලක ප්‍රධාන ආරාධිත දේශණය පවත්වමිණි. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, මෙරට දළ ජාතික නිෂ්පාදිතයට 65% කම දායකත්වය ලබාදෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් විසින් බැවින් ඒ වෙනුවෙන් කෘතඥතාව ද පිරිනැමීය.
     
    දකුණු පළාත තුළ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර හා ඒවායේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට මාගේ අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විශාල සේවාවන් ප්‍රමාණයක් දියත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙනුවෙන් ම සංවර්ධන නිලධාරීන් පත්කොට තිබෙනවා. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලබාදෙන සේවා ඔවුන් හරහා ඍජුව ම ලබාගැනීමට ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වෙනවා. එම අධිකාරිය විසින් ලබාදෙන තවත් සේවාවක් වන්නේ, ව්‍යවසායකයන් සඳහා හිතකර පරිසරයක් ඇති කිරීමේ අරමුණින් ව්‍යාපාරික සේවා සපයන ආයතන සමඟ ඒකාබද්ධ ව දිස්ත්‍රික් ව්‍යවසායක සංසද පවත්වාගෙන යාමයි. මෙමඟින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළුවලට පිළියම් ලබාදීමට හැකියාව ලැබෙනවා. 
     
    එමෙන්ම ඔවුන් සඳහා කළමනාකරණ හා තාක්ෂණික පුහුණුව ලබාදීමත් සිදු කරනවා. මෙම සංසදවලට සම්බන්ධ වන ලෙස මා සියලු ව්‍යවසායකයන්ගෙන් හා කර්මාන්ත කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන් ම අද දින සම්මාන හිමිකර ගන්නා සියලු කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සැමටම මාගේ සුබපැතුම් පිරිනමනවා.
     
    මෙම සම්මාන උළෙලේදී දකුණු පළාතේ හොඳ ම අපනයනකරු සම්මානය හිමි කර ගත්, මීට පෙර වසරවලදී ජාතික තලයේ සම්මානයන් කිහිපයක් ද හිමි කර ගත්, සමගි ස්පයිසි එක්ස්පෝර්ටර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජේ.සී. අබේරත්න මහතා පැවසුවේ, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් අගය කිරීම් වස් මෙවැනි සම්මාන උළෙලවල් සංවිධානය කිරීම අගය කරන බවයි. එමෙන්ම ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය ක්ෂේත්‍රයේ නිරත වූවන්ට ලබා දෙන සහය ද අබේරත්න මහතාගේ පැසසුමට ලක්විය.
     
    දකුණු පළාත් ව්‍යවසායක සම්මාන උළෙලේ මෙම වසරේ හොඳ ම පරිසර හිතකාමී කර්මාන්තකරුවාට හිමි සම්මානය හිමිකරගනු ලැබූයේ, ශ්‍රීපති කන්ට්ට්‍රැක්ටර්ස් පුද්ගලික සමාගමයි. ඒ වෙනුවෙන් සම්මානය පී.එම්. රුවන් දයාජීව මහතා ලබා ගන්නා ලදී. වසරේ හොඳ ම අපනයනකරුට හිමි සම්මානය, සමගි ස්පයිසි එක්ස්පෝර්ටර්ස් ආයතනය වෙනුවෙන් බී.ඒ. ජානක අබේරත්න මහතා විසින් ලබා ගත්තේය. හොඳ ම ඵලදායිතා ව්‍යාපාරයට හිමි සම්මානය, රුවන්සිරි රියදුරු පාසල වෙනුවෙන් චන්ද්‍රසිරි එදිරිවීර මහතා ද, හොඳ ම නව්‍යකරණ ව්‍යාපාරයට හිමි සම්මානය, මයික්‍රො ඇග්‍රො ප්‍රොඩක්ට් ආයතනය වෙනුවෙන් කේ.කේ. ප්‍රියන්ත සමන් කුමාර මහතා ද, හොඳ ම අගය එක්කළ කර්මාන්තයට හිමි සම්මානය, නිමල් කොයා ප්‍රොඩක්ට්ස් ආයතනය වෙනුවෙන්, නිමාලි ගුණවර්ධන මහත්මිය ද හිමිකර ගන්නා ලදී.
     
    මහා පරිමාණ අංශය යටතේ, කර්මාන්ත හා නිෂ්පාදන අංශයේ රන් සම්මානය, එම්.එම්.ඒ. වහීල් මහතා විසින් ද, කෘෂි අංශයේ සම්මානය, ඩබ්ලිව්.එච්.ජී. සමූහ ආයතනය වෙනුවෙන් ඩබ්ලිව්.එච්. ගාමිණී මහතා විසින් ද, සේවා අංශය වෙනුවෙන් රන් සම්මානය, සිරිපාල කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙනුවෙන්, පී.එච්. රුවන් දයාජීව මහතා විසින් ද හිමිකර ගන්නා ලදී.
     
    මධ්‍ය පරිමාණ අංශය යටතේ පිළිවෙළින් කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය පදනම් කර ගත් නිෂ්පාදන හා සේවා අංශ වෙනුවෙන් රන් සම්මාන, විෂන් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ, ප්‍රගීත් දන්තනාරායන, මලිඳු ඩේරීස් සමාගම වෙනුවෙන්, එන්.ජී.මංජුල නිශාන්ත සහ රුහුණු මෝටර් ඉන්ජිනියර්ස් ආයතනය වෙනුවෙන්, ධම්මික ගනේගමගේ යන මහත්වරුන් ද හිමිකර ගන්නා ලදී.
     
    සුළු පරිමාණ අංශය යටතේ පිළිවෙළින් කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය පදනම් කරගත් නිෂ්පාදන හා සේවා අංශ වෙනුවෙන් රන් සම්මාන, ප්‍රින්ට් හවුස් ආයතනය වෙනුවෙන්, වයි.ජී. අජන්ත ශ්‍රීලාල්, මයික්‍රො ඇග්‍රො ප්‍රොඩක්ස් ආයතනය වෙනුවෙන්, කේ.කේ. ප්‍රියන්ත සමන් කුමාර සහ නිමල් මෝටර්ස් ආයතනය වෙනුවෙන්, ඒ.ඒ. නිමල් යසස් කාන්ත යන මහත්වරුන් ද දිනා ගන්නා ලදී.
     
    මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍යවරුන් වන, ඩී.වී. උපුල්, චන්දිම රාසපුත්‍ර, ඉන්දීය කොන්සල්ජනරාල් (හම්බන්තොට කාර්යාලයේ) රාජ් කුමාර්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එස්. සහීඩ්, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති සුගන්ත අක්මීමන යන මහත්වරුන් ද, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, සම්මාන ලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya