නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බත්තරමුල්ල වෝටර්ස් එජ් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ වේ

    ඔක්තෝබර් 07, 2014
    බත්තරමුල්ල වෝටර්ස් එජ් සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකරනු ලබන නව හෝටල් සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කිරීම ඊයේ (06) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය ලෙස සංවර්ධනය වන ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල ප්‍රදේශයේ මහල් 15කින් සමන්විත ගොඩනැගිලි 4කින් යුක්තව මෙම නව හෝටල් සංකීර්ණය ඉදිකරනු ලැබේ. නාගරික සංවර්ධන අධිකාරියේ ද සහය ඇති ව ඉදිකරනු ලබන මෙහි ඉදිකිරීම් කරනු ලබන්නේ සන්කෙන් ලංකා ඉදිකිරීම් සමාගම විසිනි. මෙම නව හෝටල් සංකීර්ණය පිහිනුම් තටාකයක්, වාහන අංගනයක් හා නවාතැන් ගත හැකි කාමර 182කින් සමන්විත වේ.
     
    ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණය) රොහාන් සෙනෙවිරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය යන මහත්වරු ඇතුළුව ඉදිකිරීම් සමාගමේ නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා වෝටර්ස් එජ්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya