"සොඳුරු පවුලක් ගොඩ නඟමු" යන්න මෙහි තේමාව වේ. මත් උවදුර, ළමා අපයෝජන, දෙමව්පියන් සහ දරු දැරියන් පවුල් සංස්ථා අතහැර යාම, කායික හා මානසික වශයෙන් සිදු වන ළමා හිංසනය වැනි සමාජ විරෝධී ක්‍රියාවන් සහ ඊට බලපාන හේතු සාධක පිළිබඳව මහජනතාව දැනුවත් කර එම සමාජ විරෝධී ක්‍රියාවලින් තොර සමාජයක් නිර්මාණය කිරීම සඳහා උපදේශන සේවා සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මේ සඳහා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන 200ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ජාතික නිදහස් පෙරමුණේ කොළොන්නාව සංවිධායක ප්‍රියංකර පළිහක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත ව තිබේ.
NDH