නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් රථ ගැන පැමිණිලි කෙටි පණිවිඩ මඟින්

    ඔක්තෝබර් 01, 2014

    පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි අද (01) සිට ජංගම දුරකතන ඔස්සේ කෙටි පණිවිඩ මඟින් යොමු කිරීමට හැකි වැඩපිළිවෙළක් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ආරම්භ කර ඇත. 


    ඒ අනුව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැන නගින ගැටලු මහජනතාවගේ පෞද්ගලික දුරකතනය හරහා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 071- 6550000 යන අංකය වෙත කෙටි පණිවිඩයක් මඟින් යොමු කළ හැකිය.

    අදාළ බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව ආදීය පැහැදිලි ව සඳහන් කළ යුතු වේ.


    ඒ අනුව කෙටි පණිවිඩ ඔස්සේ ලැබෙන පණිඩුඩ විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ මුද්‍රණ පිටපත් ලබා ගෙන අමාත්‍යංශය මඟින් පැමිණිලි විමර්ශනය කිරීම සිදු කෙරේ.


    ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය මෙවැනි වැඩපිළිවෙළවල් රැසක් දැනටමත් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya