රජයේ විශ‍්‍රාමික ප‍්‍රජාව සක‍්‍රීය ව ආර්ථික කටයුතු සඳහා දායක කර ගැනීම මෙම වැඩසටහනේ පරමාර්ථය වේ. ඇපකරුවන් රහිත ව ස්වයංරැකියාවක් හෝ ආදායම් ජනනය වන ව්‍යාපාරයක් සඳහා උපහාර ණය යෝජනා ක‍්‍රමය මඟින් 9%ක පොලිය යටතේ රුපියල් ලක්‍ෂ 10ක ණය මුදලක් ලබා ගත හැකි අතර ණය ආපසු ගෙවීමේ කාල සීමාව වසර 7කි. මෙම ණය යෝජනා ක‍්‍රමයේ ඇති විශේෂත්වය වනුයේ වයස අවුරුදු 70ට වැඩි විශ‍්‍රාමික පුරවැසියන් සඳහා ණය ලබාගැනීමට ඇති හැකියාවයි. කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර, කාර්මික, ගෘහාශ‍්‍රිත හෝ ණය ඉල්ලුම්කරුවන් කැමති ස්වයංරැකියා ක්ෂේත‍්‍රයක් සඳහා උපහාර ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබා ගත හැකිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර, සණස නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය, සණස සංවර්ධන බැංකුවේ සභාපතිනී සාමදානී කිරිවන්දෙනිය, විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
NDH