යෝජිත විරු ගම්මානයක් වන බෝවතැන්න ඉඩමෙන් පර්චස් 15ක ඉඩම් කොටසක් ලබා දී එහි නව නිවසක් ඉදිකරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
මෙම දරුවන් දෙදෙනා ඉගෙනුම ලබන්නේ නාඋල, කඩවත, ඇලගමුව මහා විද්‍යාලයේය. වැඩිමහල් සොහොයුරා වන චාමර උසස් පෙළ විභාගයට සුදානම් වෙමින් සිටින අතර බාල සොහොයුරා චාමල් සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ දී පෙනී සිටීමට නියමිතය.
මෙම දරුවන් දෙදෙනාගේ මව කුඩා කාලයේ දී ම මිය ගොස් ඇති අතර පියා කොළඹ කුලී රැකියාවල නිරත වේ. කුඩා කාලයේ සිට මෙම දරුවන් දෙදෙනා හදා ගත්තේ අත්තම්මා විසිනි. ඇය අසනීප වී දැනට සිටින්නේ රෝද පුටුවේය. අත්තම්මා නිරෝගී ව සිටියා නම් තමන්ට මෙවැනි ඉරණමක් අත් නොවන බව මෙම දරුවෝ දෙදෙනා පවසති.
තනිව ම පැල්පතක ජීවත් වන මෙම සොහොයුරන් දෙදෙනා ඔවුන් විසින් ම ආහාර පිළියෙල කර ගන්නා අතර ඔවුන් ජීවිතය ගෙවන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේය. ඔවුන්ගේ එක ම අරමුණ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සිදු කර මෙම අභියෝග සියල්ල ජයග්‍රහණය කිරීමයි.
මාතලේ, කඩවත, ඇලගමුව මහා විද්‍යාලයේ විදුහල්පති පී.ජී. තිලකරත්න මහතා ප්‍රකාශ කරන්නේ මෙම දරුවන් දෙදෙනා ඉගෙන ගැනීමට ඉතා උනන්දුවක් දක්වන අතර ඔවුන් ඉගෙන ගැනීමට ද ඉතා දක්ෂ බවයි.
NDH