නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ම්‍රද්‍රණ කර්මාන්තය ලෝක කම්කරු ව්‍යාපාරයට විශාල සේවයක් කර තිබෙනවා

    සැප්තැම්බර් 28, 2014

    මුද්‍රණ කර්මාන්තයේ සේවකයන් අකුරු අමුණන කොට දෙයක් ඉගෙන ගන්නවා. ඒ අය දන්නවා ලෝකයේ අනෙක් රටවල් තම අයිතීන් වෙනුවෙන් නැගී සිටිනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඉන්ග‍්‍රීන් මුද්‍රණ හා ග‍්‍රැෆික් ආයතනයේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදීය. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. " මුද්‍රණ ශිල්පීන් තමයි මුලින් ම අසාධාරණයට විරුද්ධ ව නැගී සිටින්න තීන්දු කරන්නේ. කේව්ස් පොත් සාප්පුවේ දවසේ පැය 8 ඉල්ලා ඉතිහාසයේ පළවෙනි වැඩ වර්ජනය 19 වැනි ශතවර්ෂයේ සිදුවුණා. එතන ඉඳලා තමයි අපේ වෘත්තිය අයිතිවාසිකම් කියන සටන ලංකාවට ආවේ. ඒ නිසා මුද්‍රණ කර්මාන්තය ලෝකයේ කම්කරු ව්‍යාපාරයට විශාල සේවයක් කරපු කර්මාන්තයක්.

     

    ඊයේ පෙරේදා අපි අතරින් වියෝ වු බාලා තම්පෝ මහතා ඒ සටන් මාර්ගයට පිවිසෙන්න පළවෙනි මුල්ගල තැබුවේ මුද්‍රණ කර්මාන්තයේ සේවයෙන්. ඒ කියන්නේ මුද්‍රණ කර්මාන්තය තමයි ඉගෙන ගන්න බැරි කට්ටියට ලෝකයේ යමක් ඉගැන්වුවේ. ඒක තමයි අද මේ තරම් දියුණු වෙලා තියන්නේ.


    ඉන්ග‍්‍රින් ආයතනය මේ කරන සමාජ සත්කාරයටත් ස්තුතිය පුද කරනවා. දරුවන් 600ක් පමණ අවුරුද්දකට මේ වගේ සම්මාන ප‍්‍රදානෝත්සවයක් තබා සමාජගත කරනවා. මේ අවුරුදු 20ට 12,000ක් පමණ මෙසේ විද්‍යාර්ථින් බවට පත්වෙනවා. ඒ අයට අද හොඳ අනාගතයක් ලැබිලා තියෙනවා. නෙදර්ලන්තය තමයි 16 වන ශතවර්ෂය වෙන කොට මේ රටේ හිටියේ. අපි ව පාලනය කළේ. ඒ අයගේ මාර්ගයෙන් තමයි මුද්‍රණ කර්මාන්තය ලංකාවට පැමිණියේ. මුද්‍රණ කර්මාන්තයෙන් තමයි අපේ නිර්ධන පන්තිය අකුරු ලියන්න, කියන්න පටන් ගත්තේ. ඒ නිර්ධන පන්තියේ පළවෙනියෙන් ම අකුරු කියවපු අය තමයි මුද්‍රණ කර්මාන්තය. ඒ නිසා ලෝකයේ හැම තැනක ම පළවෙනි වැඩ වර්ජනය ඇවිල්ලා තියෙන්නේ මුද්‍රණ කර්මාන්තයෙන්” යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.


    ඉන්ග‍්‍රීන් ග‍්‍රැෆික් හා මුද්‍රණ ආයතනයේ 2013 වසරේ අධ්‍යාපනය ලැබූ සිසුන් 500ක් පමණ අමාත්‍යවරයා අතින් සහතිකපත්, ඩිප්ලෝමා සහතිකපත්, උසස් ඩිප්ලෝමා සහතිකපත් ලැබූහ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල, ඉන්ග‍්‍රීන් ආයතනයේ සභාපති ගාමිණි මාරඹේ, විධායක අධ්‍යක්ෂ ආනන්ද ඊ. වික‍්‍රමරත්න  මහත්වරු සහභාගි වූහ.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya