නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල පාසල් 20කට සිනහ කඳුළු පෙට්ටි

    සැප්තැම්බර් 27, 2014

    ජාතික ළමාරක්ෂක අධිකාරියේ යෝජනාවක් අනුව පාසල් ළමුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම හා අපයෝජනයන් පිළිබඳ අදාළ බලධාරීන්ට දැනුම් දීමේ ක්‍රමවේදයක් ලෙස පාසල් තුළ සිනහ කඳුළු පෙට්ටි සවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 


    එම පෙට්ටි විදුහල්පතිවරුන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කෙරිණ.


    පාසල් ළමාරක්ෂක කමිටු සක්‍රීය ව ක්‍රියාත්මක වන පාසල් තෝරා ගෙන මේවා ලබා දුන් අතර, මෙයට සමගාමී ව විදුහල්පතිවරුන්, පාසල් ශිෂ්‍ය උපදේශකවරුන් 150කට ආසන්න ප්‍රමාණයකට ළමා අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමද සිදු කළහ.


    කුරුණෑගල දිස්ත්‍රික් ළමා ආරක්ෂක අංශය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවයට කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුණ සමරදිවාකර, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එච්. සේනාරත්න යන මහත්වරු සහභාගී වූහ.


    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya