වර්තමාන රජය රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට දරණ උත්සාහය නිසාවෙන් ජනතාව ද
පෙර කවරදාටත් වඩා රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාසනීයත්වයකින් බැලීමට පටන් ගෙන
ඇතැයි ද ඒ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග
පැවති සාකච්ඡාවකදීය.
"පසුගිය කාලයේ විවිධ අංශවල පැවති මානව සම්පත් හිඟය පියවීමට අමාත්‍යාංශයක්
විදිහට අපි පියවර රැසක් ගත්තා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් පැවති මාණ්ඩලික නිලධාරි
හිඟය පියවීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයට පසුගිය කාලයේ අපි 687ක් බඳවා ගැනීමට
කටයුතු කළා. ඒ වගේ ම පසුගිය කාලය තුළ රාජ්‍ය කලමනාකරණ සේවයට 13,294ක් බඳවාගෙන එම සේවාව යාවත්කාලීන කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මීට අමතර ව රාජ්‍ය සේවයේ රියැදුරු සේවය, රජයේ භාෂා පරිවර්තක, කාර්යාල කාර්ය සහයක වගේ
ම තොරතුරු තාක්ෂණ සේවය සවි බලගැන්වීමටත් පසුගිය කාලයේ දී පියවර ගත්තා"
යැයි ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව රාජ්‍ය සේවයේ දැනටමත් පවතින අනුමත සියලුම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ
කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා
දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පී.බී. අබේකෝන්, අතිරේක ලේකම් ජගත්
චන්ද්‍රසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යංශ
නිලධාරීහු පිරිසක් සහභාගි වි සිටියහ.
DB