අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන දියත් කිරීම ඔක්තෝබර් 23 සහ 24 දෙදින පුරා BMICH හි දී

    ඔක්තෝබර් 23, 2019

    ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය (INMS) යන ආයතනයන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂිකා ජොයිස් මසූයා මහත්මියගේ සහභාගිත්වයෙන්, 2019 ඔක්තෝබර් 23 සහ 24 යන දෙදින පුරා තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන ශ්‍රී ලංකාවේ දී දියත් කිරීම අද (23) BMICH හි දී ඇරඹිනි.

    ශ්‍රී ලංකාව අනෙකුත් නියෝජිත රටවල් සහ අත්වැල් බැඳ එකී රටවල් සඳහා නායකත්වය දෙමින් තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන මෙවර මෙරට දී මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශය එක්ව සිදු කිරීම මඟින් විශාල කාර්යය භාරයක් ඉටු කිරීමට හැකි වී ඇති බවත්, විශේෂයෙන් නයිට්‍රජන් වායුව කෘතිමව භාවිතා කිරීම ස්වභාවධර්මයට පටහැනි ලෙස එකී වායු භාවිතය සහ නිෂ්පාදනය කෙතරම් ගෝලීයව වැදගත් වන්නේ ද යන්න සාකච්ඡා කිරීම සහ එය කළමනාකරණය කිරීම සඳහා ගත යුතු වැදගත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන බවත් මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මෙහි දී පැවතී මාධ්‍ය සාකච්ඡාවේ දී පවසන ලදී.

    එමෙන්ම, සංවර්ධනය යනු පරිසරය විනාශ කරමින් යන ගමනක් නොවිය යුතු බවත්, පරිසරයත් රැකගෙන සංවර්ධනය වෙත ශ්‍රී ලංකාව ගමන් කළ යුතු බවත් පැවසු ඒ මහතා, ශ්‍රී ලංකාවේ 32% දක්වා අලුතින් වන රෝපණය කිරීමටත්, තිබෙන්නා වූ වන ඝනත්වය ආරක්ෂා කරගැනීමටත් අදාළ විවිධ පාර්ශ්ව සමඟ ගිවිසුම් වලට අද එළඹෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදී.


    මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජය විධායක අධ්‍යක්ෂ ජොයිෂ් මිෂුවා, ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියේ අධ්‍යක්‍ෂ මහාචාර්ය මාර්ක් ඒ. සටන්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ මාපා පතිරණ යන මහත්වරුන් ද, විදේශීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගී වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya