නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හතරක් අද සිසු අයිතියට

    ජූලි 27, 2014

    මහින්දෝදය පාසල් දහස වැඩසටහන යටතේ උතුරු පළාතේ පාසල් හතරක අංග සම්පූර්ණ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සහ මහින්දෝදය ද්විතීයක පාසල් නව ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීම අද (27) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 


    ඒ අනුව කිලිනොච්චිය භාරතී විද්‍යාලය, කිලිනොච්චිය මුරුගානන්ද විදයාලය, කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය වරණි මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද  මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සහ මහින්දෝදය ද්විතීයක පාසල් නව ගොඩනැගිලි සිසු අයිතියට පත් කෙරේ. 


    මෙම අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya