අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    කෑගල්ලේ අවදි නගරය ඉඳිකිරීම ඇරඹේ

    ඔක්තෝබර් 03, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපලක් බිහිකිරීම හා කෑගල්ල දිස්ත්‍රික්කය සංචාරක ආකර්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ඉඳිකිරීමට යෝජිත අවදි නගරයට මුල් ගල තැබීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව බෝයගොඩ වසමේ දී පසුගිය දා සිදුකෙරිණි.

    මේ අවස්ථාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහත්වරු ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය , රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව විශාල පිරිසක් සහභාගී වූහ. 

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අවදි නගර ව්‍යාපෘතිය සඳහා ග්‍රාමශක්ති ජාතික වැඩසටහන යටතේ ප්‍රතිපාදන හිමි විය. 

    ඒනුව පළමු අදියරේ පිවිසුම් මාර්ග සංවර්ධනය සඳහා රු.මි 25 ක මුදලක් මේ වන විටත් ලැබී ඇත.  ප්‍රධාන පරිශ්‍ර පහක් යටතේ මෙම උද්‍යානය සැලසුම් කොට තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන පරිශ්‍රය බොජුන් හල්, පළතුරු හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය ඇතුළු කෘෂිකර්මයේ සියළුම අංග ඇතුළත් කුටි වලින් නිර්මිතය. නිමි භාණ්ඩ පරිශ්‍රය අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදනය හා තොග වෙළෙඳපලට විවෘත වන අතර සේවා හා දැනුම් කේන්ද්‍රස්ථානය නිර්මිත වන්නෙ පැය 24 ම විවෘතව පවතින බැංකු ආයතන , වාහන සේවා ස්ථාන, රූපලාන්‍යාගාර, මානසික හා ශරීර සුවතාගාර, නවීකරණය කළ උත්සව ශාලා හා ග්‍රහලෝකාගාරයකිනි. සංචාරකයින් ආකර්ශණය කර ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ සත්වෝද්‍යානයක්, නාන තටාක, ළමා උද්‍යාන, ත්‍රාසජනක ක්‍රීඩා ස්ථාන, මින් මැදුරු සංකීර්ණයක්, සිනමා ශාලා හා සංගීත කලාපයක් යනාදි ලෙස විවෘත කෙරේ.

    විශේෂයෙන්ම මෙමඟින් දිස්ත්‍රික්කයේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය අන්තර් ජාතික වෙළඳපල නිර්මාණය කර ගැනීමට ද අපේක්ෂිතය.

    මෙම වෙළඳ උද්‍යානය ආශ්‍රිතව ජනනය වන සෘජු රැකියා අවස්ථා ප්‍රමාණය හා වක්‍ර රැකියා ප්‍රමාණය දිස්ත්‍රික්යේ ඉහළ අගයක් ගෙන ඇති සේවා වියුක්තිය 2020 වන විට 2% කින් අවම කර ගැනීමටත් ද්‍රරිද්‍රතාවය 1% ක ප්‍රමාණයකින් අවම කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya