අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ නව ඉදිකිරීම් රැසක් ජනතා අයිතියට

    අගෝස්තු 07, 2018

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සවිමත් කර වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවයක් ලබා දීම සඳහා වන රජයේ අරමුණ ඉටුකිරීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන කිහිපයක නව ඉදිකිරීම් රැසක් විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් හා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලක්ෂ 111 ක වියදමින් ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුකළ අතර දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රු.ලක්ෂ 128 ක වියදමින් ඉදිකළ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


    එමෙන්ම යටියත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රු.ලක්ෂ 487 ක වියදමින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල ද මීට සමගාමීව ජනතා අයිතියට පත්කෙරුණ අතර රු. ලක්ෂ 20 ක වියදමින් ඉදිකරන ලද යටියන්තොට ගනේපල්ල වසමේ ‘‘ නිල සෙවණ “ කාර්යාලය විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.


    බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පාගල වසමේ ‘‘ නිල සෙවණ “ කාර්යාලය ද වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් විවෘත කෙරිණි. මෙම ඉදිකිරීම් සියල්ල ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත අවසන් කොට ජනතා අයිතියට පත් කොට තිබේ.


    මෙම විවෘත කිරීම් සියල්ලටම සමගාමීව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී වසම්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් වෙත රජයේ වියදමින් ගමන් මළු බෙදා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.


    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මැති ඇමතිවරු රැසක් සහභාගී වූ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    DMU/kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya