මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) සිදු කෙරේ.
මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.
මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.