මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර හෙට එළිදැක්වේ

    ජූලි 19, 2018
    ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව  ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් කිරීමට කටයුතු යොදා ඇත.
     
    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා, ලෝක බැංකු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ වෙළඳ විශේෂඥ මාර්කස් බාර්ට්ලි ජෝන්ස් මහතා සහ අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලිස් මහත්මියගේ සහභාගීත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් මෙම වෙළඳ තොරතුරු බිහිදොර හෙට (20) එළිදක්වනු ඇත.
     
    ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර (Sri Lanka Trade Information Portal/SLTIP) මඟින් ශ්‍රී  ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන - අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
     
    රටෙහි හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, දේශීය හා විදේශික ආයෝජකයින්ට වෙළඳ නීති සහ රෙගුලාසි පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන අපනයන කටයුතු පහසු කරගැනීමට අදාළ තුරතුරු ලබා ගත හැකි වීම, ජාත්‍යන්තර සංවිධාන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ශක්තිමත් දායකත්වය මෙම වෙළඳ තොරතුරු බිහිදොර හරහා ලැබෙනු ඇත. තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින් මෙමඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද එම ක්ෂේත්‍රයන් හි කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ගේ ද කාලය ඉතිරි වනු ඇත.
     
    තවද ශ්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ විශ්ලේෂණයක්, ව්‍යාපාර අරම්භක ක්‍රියාවලිය, ආනයන අපනයන මාර්ගෝපදේශය මෙන්ම විශේෂ අර්ථික ක්ෂේත්‍රයන් පිළිබඳ තොරතුරු, අපනයන සැකසුම් කලාප, දේශ සීමා හරහා වෙළඳාම සහ GSP ස්වයංක්‍රීයකරණය. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජත්‍යන්තර, කලාපීය සහ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් හා එයට අදාල නීති රෙගුලාසි මෙන්ම ඒවායෙහි ප්‍රතිලාභ යනාදී විශේෂාංග ද මෙයට ඇතුලත් වේ.
     
    එහි මෙහෙයුම් ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර මේ සඳහා ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දායකත්වය ලැබේ.
     
    අදාල වෙළඳ නීති රෙගුලාසි, නීති,පරිපාලන කටයුතු, මඟපෙන්වීමේ සටහන්, ආකෘති, බලපත්‍ර, අවසරපත්‍ර වැනි ක්‍රියාපටිපාටි මෙන්ම අදාල ගාස්තු පිළිබඳ තොරතුරු සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා 3 න්ම ලබාගත හැකි ලෙස මෙය සකසා ඇත.
     
    2020 වන විට ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කිරීමට හැකි ප්‍රමුඛ රටවල් 70 අතරට එක් වීම, රටෙහි ව්‍යාපාරික පරිසරය වෙනස්කිරීම SLTIP අරමුණු අතරින් සුවිශේෂී වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya