අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාවනැල්ල රෝහලේ තෙමහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    ජූලි 19, 2018
    මාවනැල්ල මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ 3400ක් වැයකර සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
     
    එම ව්‍යාපෘතිය යටතේ ඉදි කළ තෙමහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පැවරීම පසුගියදා පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අතින් සිදුවිය.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 3400ක් වැයකර තෙමහල්, සිව් මහල් සහ පස්මහල් ගොඩනැගිලි සංකීර්ණ තුනක් සබරගමුව පළාත් සභාව මගින් මාවනැල්ල මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇත.
     
    මාවනැල්ල මූලික රෝහල තුළ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුලින් නව ඇඳන් 250යුත් නව වාට්ටු සංකීර්ණය, ශ්‍රවනාගාර, ශල්‍යාගාර, පරිපාලන ඒකක, එක්ස් රේ කිරණ ඒකක ඇතුළු පහසුකම් රැසක් ප්‍රදේශවාසීන් සඳහා හිමි වී ඇත.
     
    මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ආතාවුද සෙනෙවිරත්න, ලලිත් දිසානායක, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර මහින්ද, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා සහ අධ්‍යක්ෂ (සැලසුම්) එම්.බී.එස්.එන්. කුමාරගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya