අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය වෙනුවෙන් දකුණු පළාතට රුපියල් මිලියන 36 ක්

    ජූනි 21, 2018

    රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් දකුණු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 36 ක් වෙන්කර තිබේ.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 හි ග්‍රාම නිලධාරී වසම් 57 ක් ද, මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 48 ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 හි ග්‍රාම නිලධාරී වසම් 36 ක් ද වශයෙන් දකුණු පළාතේ ග්‍රාම නිලධාරී වසම් 141 ක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ.


    ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේ දී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ දී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ. සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ.


    මේ බව අනාවරණය වූයේ ග්‍රාම ශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව (19) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේ දී ය. දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කරන ලදි.


    2017 – 2020 වසර හතරක කාලසීමාවක් තුළ ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවේ. මේ යටතේ වර්ෂ 2020 වන විට ගම් 15,000 ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.

    වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රජා පාලිත ග්‍රාම නිලධාරී වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4 ක කාලයක් සඳහා ග‍්‍රාම නිලධාරී වසම් සඳහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    මේ අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) ජයන්ත විජේරත්න මහතා, ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මිය, දකුණුපළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්ධුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරු හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරු සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රම සම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya