ඒ අනුව, ඊයේ (21) දින උහන, නාවිදන්වේලි හා සම්මන්තුර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වල දී මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සිදු විය.
උහන උදයගිරිය ගම්මානවල කාන්තාවන් මුල් කර ගනිමින් ඉදල්, කොසු කර්මාන්තය, බිම්මල් වගාව සහ කුකුළු පාලනය පිළිබද ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කෙරිණි.
උහන සේනාගම ගම්මානයේ දී මේ යටතේ ආරම්භ කෙරුණේ මැටි කර්මාන්තය මෙන්ම බයිට් නිෂ්පාදනය පිළිබඳවයි.
විජයපුර ගම්මානයේ දී බතික් කර්මාන්තය සදහා ද මධ්‍යම කඳවුර ද්‍රවිඩ ප්‍රදේශ ආශ්‍රිතව සපත්තු කර්මාන්තය සඳහා ද කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳ මේ යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
වලතාපිටිය ගම්මානයේ දී හාල්පිටි නිෂ්පාදනය, කුකුළු පාලනය, නිමි ඇදුම් අළෙවිය සම්බන්ධයෙන් කාන්තාවන්ගේ උනන්දුව වැඩිදියුණු කරමින් ඔවුන් මෙම ස්වයං කර්මාන්ත සඳහා දායක කර ගැනීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරයි.