ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි. ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දු තීරණ ගෙන තිබෙන බව අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
අවතැන් වූවන් වෙත ලබාදෙන ඉඩම් වෙනුවෙන් ඔප්පු නොමැති වුවත්, ප‍්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත වන්දි මුදල් ලබා දීමට, නිවාස ඉදිකිරීමේ ක‍්‍රියාවලියට යුධ හමුදාවට අමතරව ගුවන් හා නාවුක හමුදාවන්ගේ සහාය ලබා ගැනීම සිදු වේ.
ඉදිකරන ලද නිවාස මිලදී ගැනිමටත් වන්දි මුදල් ලබා දීම හා ආපදාවන්ට ලක්වූවන්ට දිස්ත‍්‍රික්කයෙන් පිටත නිවාස මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වන්දි ලබාදීමට තීරණය කර තිබේ.
වන්දි මුදල් තක්සේරු කර සති 02 ක් ඇතුලත ලබාදීම කඩිනම් කිරීමට නව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර අවතැන්වූවන්ට ලබාදෙන වන්දි මුදල වාරික වශයෙන් ලබාදීමට පියවර ගෙන තිබේ.
දැනට අනුමත නිවාස සැලසුම් වලට අමතරව ගොඩනැගිලි දෙපාරේතමේන්තුවේ අවසරය මත තමන් කැමති සැලසුමක් මත නිවාස ඉදිකිරීමට අවසර ලබා දෙන අතර අදාළ ඉඩම් සඳහා ප‍්‍රවේශ මාර්ග සෑදීම පළාත්සභා සහ මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.
ඒ අනුව අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ ක‍්‍රියාවලිය වෙනුවෙන් ඉහත පරිදි සරල ක‍්‍රමවේදයන් යොදා ගැනීමෙන් මෙම කාර්යය වඩාත් කඩිනමින් සිදුකළ හැකිවෙතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.