නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකිර්ණයේ ගැටලු සෙවීමට විද්වත් කමිටුවක්

    සැප්තැම්බර් 11, 2016
    නෙදර්ලන්ත රජයේ සහන ණය ආධාර යටතේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකෙරෙන වෛද්‍ය වාට්ටු සංකිර්ණයේ මතුව ඇති ගැටලු සහ උපකරණ සැපයීමට අදාළ ව ඉදිරිපත් කර තිබූ මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විද්වත් කමිටුවක් පත්කර ඇත. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් (ප‍්‍රසම්පාදන) වයි.එල්.එම්. නවාවි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව ඡ්‍යෙෂ්ඨ වෛද්‍ය පාරිපාලකයින් ද ඇතුලු වන සේ මෙම විද්වත් කමිටුව සමන්විත වෙයි. 
     
    එම කමිටුව විසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමට අවශ්‍ය වන උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. 
     
    නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිරිකිරීම් කටයුතු මේ වනවිට බෝහෝ දුරට අවසන් ව ඇත. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අත්සන් තබා ඇති ගිවිසුම්වලට අනුව මෙහි කටයුතු සිදු කරන අතර, මෙතෙක් මෙම ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදී නොමැත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya