නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීමට චීන සහාය

    සැප්තැම්බර් 11, 2016
    ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා තම පූර්ණ සහාය ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ වෙනුවෙන් චීනයේ ග්වැංක්ෂි ෂොං පළාතේ පිහිටි ධීවර, සත්ව නිෂ්පාදන සහ පශු වෛද්‍ය කාර්යාංශය, ග්වැංක්ෂි ධීවර ආයෝජන සමාගම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත. 
     
    මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි, චීන රජය නියෝජනය කරමින් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා පශු වෛද්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජියෑංග් හිෂෙං මහත්වරු අත්සන් කොට ඇත.
     
    ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත වර්ධනය වීම අවම වී ඇති නිසා රට අභ්‍යන්තරයේ පවතින දස දහසක් පමණ වන ජලාශවල සත්ස්‍ය සම්පත් සංවර්ධනය සඳහා රජය පියවර ගෙන ඇති බවත්, විශේෂයෙන් චීන රජය විසින් අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය සම්පත් සංවර්ධනය උදෙසා අවශ්‍ය තාක්ෂණික සහයෝගිතාවය ලබාදීම අගය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
     
    එමගින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයක්ට චීනයේ පුහුණු අවස්ථා ලබාදීමත්, එමෙන් ම දැනුම හුවමාරු කරගැනීම සඳහාත් මෙම ගිවිසුම් ගතවීම අතිශයින් වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya