නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු රෝහල් මධ්‍යම රජයට පවරා ගන්නවා - සෞඛ්‍ය ඇමැති

    සැප්තැම්බර් 09, 2016
    ඉදිරියේ දී වතු රෝහල් රජයට පවරාගෙන දියුණු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 69වැනි කමිටු සැසිවාරය අවසානයේ අද (09) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමිනි. 
     
    එලෙස පවරාගන්නා සියලු රෝහල් ග්‍රාමීය රෝහල් බවට පත් කොට ග්‍රාමීය රෝහල් හි තදබදය අවම කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් පළාත් අමාත්‍යවරුන් සමඟින් සාකච්ඡා කොට ඇති බවත් වසර දෙකක් ඇතුළත එම කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    2020 වසර වන විට දිවයින පුරා සෞඛ්‍ය පරීක්ෂාවන් නොමිලේ සිදු කරැගනීමට හැකි මධ්‍යස්ථාන 842ක් මෙන් ම සුවනාරි සායන මධ්‍යස්ථාන 906ක් ඇති කරන බවත් කී අමාත්‍යවරයා බෝ නොවන රෝගවලින් 2020 වන විට 10%කින් ද, 2025 වන විට 25%කින් ද, 2030වන විට තුනෙන් එකකින් ද අත්මිඳීම සඳහා අවශ්‍ය පියවරයන් ගන්නා බවත් කීය.
     
    මේ වන විට පැණී බීම සඳහා ක්‍රියාත්මක වන වර්ණ සංකේත වෙනුවට බදු ක්‍රමයක් හඳුන්වාදීමටත් ඉන් නොනැවතී ආහාර සඳහා ලුණු සහ මේදය සඳහන් වන වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 69වැනි කමිටු සැසිවාරය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයෙන් නියෝජිතයන් 10ක්, කලාපීය කාර්යාලයෙන් 53ක් ඇතුළු රටවල් 10ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් ද එක්ව සිටි බව සඳහන් කළේය.
     
    ලංකාවේ මෙන් ම කලාපීය රටවල ද රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් 70%ක් බෝ නොවන රෝග හේතුවෙන් මරණය පත්වන බව වැඩිදුරටත් පැවසීය.
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya