ජාතික අහර නිෂ්පාදිත වැඩසටහන යටතේ වස විසෙන් තොරව ,කාබනික පොහොර භාවිතයෙන් පමණක් යුද හමුදාව විසින් මෙවර යල කන්නයේ වී වගා කර තිබේ.
මේ අනුව දේශීය වී වර්ග 30 මෙහි වගා කර ඇති අතර අක්කර 100 ක වී අස්වනු මෙහිදී නෙලනු ලැබේ.ආගමික වත් පිළිවෙත් වලට මුල් තැන දෙමින් නැකත් සිරිත් අනුව අස්වනු නෙලීමේ මෙම අවස්ථාවට යුද හමුදා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ කර්නල් බුවනෙක ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.
AP/DMU-Polonnatuwa