නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එහි වැදගත්කම” යන මැයෙන් වැඩමුළුවක් ගාල්ලේදී

    අගෝස්තු 04, 2016
     “තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එහි වැදගත්කම” යන මැයෙන් දිස්ත්‍රික් මාධ්‍ය වැඩමුළුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 13 වන දින  පෙ.ව 8.30 ට ගාල්ල සමුද්‍ර මාවතේ sea line හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 
    මෙම වැඩ මුළුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරන අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ  කටයුතු සිදු කරනු ලබයි.
     
    මෙහි ආරාධිත දේශන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල  මහතා , හිටපු දිවයින ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතා සහ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන‍් විසින් පැවැත්වීමට නියමිතය. 
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් රැසක්ද සහභාගී වීමට නියමිතයි.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya