නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා රැකවරණය පිළිබඳව ප්‍රජා පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූලි 28, 2016

    ළමා රැකවරණය පිළිබඳ ප්‍රජා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අනුරාධපුර කාර්යාලය සංවිධානය කල එම වැඩසටහනට අනුරාධපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා කොට්ඨාසය නියෝජනය කරමින් සිවිල් ප්‍රජා පොලිස් නිලධාරිහු 200 ක් පමණ සහභාගි වූහ.

    ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුමකට අනුව දරුවන්ගේ ආරක්ෂාව සදහා වැඩකටයුතු කිරිමේදී ඉහල සංවේදිතාවකින් යුක්ත ඉහල නිලධාරින් පිරිසක් බිහිකර ගැනිමට පසුබිම සකස් කර ගැනිම සදහා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල බව අනුරාධපුර දිස්ත්‍රික්  ජාතික ළමා ආරක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසානායක මහතා පැවසීය.

    එහිදී විශේෂ දේශණයක් කළ අනුරාධපුර අතිරේක  දිස්ත්‍රික් ලේකම්  සමන් බන්දුලසේන මහතා එහිදී දරුවන් රැකබලා ගැනිම සඳහා ඇති සමාජ වගකිම හා දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂාව පිළිබඳ ඇති තත්ත්වය විග්‍රහ කළේය.

    විශේෂඥ වෛද්‍ය කාලිංග රවින්ද්‍ර මහතා දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරිණී එම්.ඩී. කෞෂල්‍යා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya