නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම බැංකු 20කට නව තාක්ෂණ ගිවිසුමක්

    ජූලි 11, 2016

    සියලු දිවිනැගුම  බැංකුවලට නව තාක්ෂණය හඳුන්වාදීමේ ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

    මෙහි මූලික අදියර යටතේ තෝරාගත් දිවිනැගුම බැංකු 20 කට සියලු පාරිභෝගික බිල්පත් ගෙවීමේ පහසුකම් සහිත නව  පරිගණක ගත කරන ලද උපකරණ  ලබාදීම සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුව හා  අදාළ පුද්ගලික සමාගම  ගිවිසුම් අස්සන් කර තිබේ.

    මේ අනුව ජල, දූරකතන, විදුලි, රක්ෂණ වැනි පාරිභෝගික බිල්පත් ගෙවීමත්, පෙරගෙවුම් ජංගම දූරකතන සඳහා ගෙවීම් කිරීමටත් ( රීලෝඩ් ), දිවිනැගුම බැංකුවලට පැමිණෙන ගනුදෙනුකරුවන්ට හැකිවනු ඇති බව බත්තරමුල්ල, සෙත්සිරිපායේදී පැවති උත්සවයකදී අමාත්‍ය එස් .බී. දිසානායක මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya