මෙහි දී ‘දැහැමි දිවියට මත් උවදුර විපතකි, මතින් නිදහස්වීම හා පාලනය වීම, මතින් නිදහස් රටක් සඳහා අපේ අනාගත තරුණ පරපුර සූදානම් කරමු‘ යනාදී මාතෘකා පිළිබඳව සිසුවියන් දැනුම්වත් කරන ලදි.
මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් පිළිවෙලින් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් නිලධාරී චමීර ලක්මාල් මහතා සහ පොලිස් පරීක්ෂක නිහාල් පාලිත දිසානායක මහතා මහතා සහභාගි වූහ.
මේ අවස්ථාවට මාතර මහාමායා බාලිකා විද්‍යාලීය සිසුවියන් සහ ගුරු භවතුන් ඇතුළු 300 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.
AP/DMu-Matara