දිගු කාලයක සිට මෙරටට පෝෂණ සඳහා වන නිසි ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය පැවති බවත් එයට වත්මන් ජනපතිතුමන්ගේ මූලිකත්වය හිමි වී ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටියේ ය.
දරුවෙකු ඉපදුණු දින සිට දින 1,000ක් යන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම දරුවාට අවශ්‍ය පහසුකම් ලබාදීමට වගකීමෙන් බැදී සිටින බවත් රටේ සෞඛ්‍ය අමාතයාංශය මෙරට සෞඛ්‍ය හා පෝෂණ කාර්යාවලිය තුළ 80%ක වගකීමක් මෙහෙය වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටි යේ ය.
මේ අවස්ථාව සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය හා පෝෂණ කටයුතු සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.
AP/DMU-Galle