නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 14 වැනිදා

    ජූනි 12, 2016
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළ වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි 14 වැනි දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළව දැනට ක්‍රියාත්මක කරමින් පවතින යෝජනා පිළිබඳ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී විමසා බැලේ.
     
    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි හා පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ කමිටුවල සාමාජිකයින් සහභාගිවේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම් සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya