නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ තුනී පොලිතින් අලෙවි කරන වෙළඳ සැල් වැටලිමක්

    ජූනි 03, 2016
    ලෝක පරිසර දිනයට සමගාමීව මාතලේ පැවැත්වෙන ජගත් පරිසර දින සමුළුව අරමුණු කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය හා මාතලේ පොලිස් පරිසර ඒකකය ඒකාබද්ධව තුනී පොලිතින් භාවිතා කරන වෙළඳ සැල් වැටලිමක් සිදු කරන ලදී.
    මාතලේ නගරයේ සිල්ලර වෙළඳ සැල්, රෙදි සාප්පු, තොග වෙළඳ සැල්, සහ සුපිරි වෙළඳ සැල් අහඹු ලෙස ගෙන  පොලිතින් භාවිතා කරන වෙඳළ සැල් 30ක් පමණ පරික්ෂාවට භාජනය කරන ලදි. ඔවුන් භාවිතා කරන ලද පොලිතින් සමහරක් මයික්‍රෝන 20ට අඩු වූ අතර එම වෙඳළ සැල් හිමියන්ට පළමු වතාවට  අවවාද කර දැනුවත් කිරිම් සිදු කරන ලදී. මින්  ඉදිරියේදී මේ සදහා අධිකරණ ක්‍රියා මාර්ගවලට යාමට සිදුවන බවත් මයික්‍රෝන 20 අඩු පොලිතින් නිෂ්පාදනය කිරිම, අලෙවි කිරිම සහ භාවිතා කිරිම 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 වගන්තියට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකරියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති වයි.එම්.ජේ. බණ්ඩාර යාපා මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් වන එම්.ජී.ඩබ්. අමරතුංග, දිල්කා රණසිංහ සහ මාතලේ පරිසර පොලිස් ස්ථානාධීපති එච්.එම්.බී. ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya