නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානයෙන් යෙන් බිලියන 44, 000ක්

    මැයි 31, 2016

    ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය සඳහා ජපනයෙන් යෙන් බිලියන 44, 000ක් ලබා දීමට එකඟත්ය පළ කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව, වරාය සංවර්ධනය, මහනුවර නගර සංවර්ධනය යනාදී ව්‍යාපෘති සඳහා මෙම ණය ආධාර ලබාදීම සිදු වන බවත් අඩු පොලියක් යටතේ එම මුදල් ලබා දීම සිදු වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රටේ ප්‍රතිපත්තියක් ලෙස යටිතල පහසුකම් දියුණු කරන තෙක් වාහන මිල ඉහළ නැංවීම සිදු වන බව මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

    අධිවේගී මාර්ග මාර්ග ඉදිකිරීමේ වියදම 21%කින් අඩු කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් ඉදිරියේදී තවත් එය අඩු කිරීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya