ළමා ආරක්ෂාව පිළිබදව වූ අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අනුරාධපුර දිස්ත්‍රික් තරග අද අනුරාධපුර විවේකානන්ද විද්‍යාලයේ දී පැවැත්විණි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කරයි. මෙම තරග වලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසාන තරග ලබන 28 වනදා පැවැත්වේ. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන තරගවලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් විසිපහ සදහා සමස්ත ලංකා තරග පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. AP/DMU-Anuradhapura