ආපදා අවදානම් හේතුවෙන් මේවන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 17 තුල පවුල් 714 ක පුද්ගලයින් 2,551 දෙනෙකු අවතැන් කඳවුරු 30 ක සිටිති.
මෙම පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආපදා සහන ද්‍රව්‍ය එකතු කිරිමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.එම මධ්‍යස්ථානවලට ලැබෙන ආපදා සහන ද්‍රව්‍ය කඳවුරුවල අවශ්‍යතාවය මත ලබා දීම සිදු කෙරෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
AP/DMU-Ratnapura