නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 176ක් මාතරට

    මැයි 24, 2016
    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා ඉදිරි කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 176ක මුදලක් වෙන් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පවසයි.
     
    කුඹුරු හෙක්ටයාර 13,612ක් වගා කිරීම සඳහා ගොවීන් 31,989 දෙනෙකුගේ ගිණුම්වල අදාළ මුදල් මේ වන විට තැන්පත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රදේශ 22හි ගොවීන් තම ගිණුම් ආරම්භ කර ඇති බැංකු 14ක එම මුදල් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

     
    වී වගා කන්න දෙක සඳහා ම හෙක්ටයාර 02ක උපරිමයකට යටත්ව හෙක්ටයාර 01කට රුපියල් 25,000.00 බැගින් ලබා දෙනු ඇත. එනම් කුඹුරු අක්කර 05ක උපරිමයකට යටත්ව එක් කුඹුරු අක්කරයක් සඳහා එක් කන්නයකට රුපියල් 5000.00ක මුදලකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya