රජය මගින් ක්‍රියාත්මක ධාර්මික ගොවිතැනක්- නීරෝගී ජනතාවක් වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ අඩු ආදායම් ලාභී පවුල්වල එදිනෙදා ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේදී ආර්ථික වශයෙන් සහයක් සැලසෙන පරිදි සහ ඉහල පෝෂණයක් තහවුරු වන පරිදි තම ගෙවත්තෙන් නැවුම් පලා වර්ග, කොළ එලවළු සහ දේශීය අල වර්ග කාබනික ක්‍රමයට වගා කිරිම මෙමගින් අපේක්ෂා කෙරේ.
මේ යටතේ එක් ගෙවත්තක අවම වශයෙන් පලා වර්ග/ කොළ එළවළු වර්ග 05 ක්, දේශිය අල වර්ග 05 ක් වගා කිරිමට නියමිතය.
AP/DMU-Kegalle