අමාත්‍යයවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොලටගම ග්‍රාමසේවා වසමේ පොලටගම වෙල්යායේ පැවැති යල කන්නයේ ජාතික වප් මගුල් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලය,ජනාධිපති ලේකම් කාර්ය්යාලය සමග එක්ව දිස්ත්‍රික්කයේ අනෙකුත් කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ ආයතන මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යයවරයා මෙසේ ප්‍රකාශ කලේය. පසුගිය කාලයේ කෘෂිකර්ම ක්ෂේත්රයට අඩුසැලකිල්ලක් යොමු වුනා. සමාජය සුවපත් කිරීම අරමුණු කරගෙන වස විසෙන් තොර ගොවිතැනක අවශ්‍යතාවය රතන හිමියෝ විසින් ආරම්භ කලා. අද එය ජාතික වැඩ සටහනක් වෙලා තියෙනවා. මෑතක දී පැවැත් වූ, පොහොර වෙනුවට මුදල් ලබාදුන් උත්සවයේ දී ජනාධිපතිතුමා රසායනික පොහොරවල බලපෑම පිලිබදව අවධාරණය කලා. මේ නිසා සමාජය සුවපත් කරන වැඩ පිලිවෙලක අවශ්‍යතාවය පෙන්වාදුන්නා. ඒ නිසයි රසායනික පොහොර භාවිතය අඩු කරලා කාබනික පොහොර භාවිතය පිළිබද සංකල්පයට රජයක් ලෙස යොමු වුනේ. මේ වන විට පවුල් ලක්ෂ 7 කට පමණ පොහොර වෙනුවට මුදල් ලබාදීලා තියෙනවා.මීට කලින් ජනතාව ඉල්ලුවා මුදල් එපා පොහොර දෙන්න කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ එහි අවධානම. අද පොහොර වෙනුවට මුදල් දීමේන් අවශ්‍යය නම් රසායනික පොහොර ගත හැකියි. නැතිනම් කාබනික පොහොර භාවිතා කල හැකියි. අපි ඒ ඒ ප්‍රදේශ ,පලාත් අනුව අවශ්‍ය පොහොර නිර්දේශ හදුනා ගෙන තිබෙනවා.
නවීන තාක්ෂණ ක්‍රම ගොවිතැනට භාවිතා කිරීම තුළින් ගොවියාගේ මුදල් ,කාලය ඉතිරි වෙනවා. පසට එකතු කරන රසායකින පොහෙරෙ වලින් සියයට 40 ක් පමණයි ගස ලබා ගන්නේ. අපේ නොදැනුවත්කම නිසා රසායනික පොහොර අනවශ්‍යය ප්‍රමාණයට එකතු කිරීමෙන් භයානක ප්‍රතිළුල ඇති වෙනවා. මෙම ව්‍යවසනයෙන් ජනතාව මුදවා ගැනිම කල හැක්කේ ගොවි ජනතාව වන ඔබටයි. වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයේ යෙදීම ගොවි ජනතාව වශයෙන් ඔබලා රටට කරන පිංකමක් වශයෙනුයි මා දකින්නේ.
අද පලතුරු පරිභෝජනය වැඩි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විධියට අපි ඉදිරි වසර 3 ක කාලය තුළ පලතුරු ගම්මාන පහලොස් දහසක් ඇති කරනවා. ඉන් පන්දහසක් මෙම වර්ෂයේ ඇති කරනවා. වසමකට පලතුරු පැල දහස බැගින් ලබාදිමට කටයුතු කරනවා. මෙම වැඩ පිළිවෙලේ දී මධ්‍යම රජයට අනෙකුත් පළාත් සභාවල සහයෝග අවශ්‍යය වෙනවා. ඒ සියල්ලන්ම එකතු වී මෙම වැඩ සටහන ක්‍රියාත්මක කල යුතුයි යයි ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා, දේශපාලන නායකයින් ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ කාෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ නිළධාරීන් විශාල පිරිසක් සහභාගි වුහ.