නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු වලට අතිරේක මුදල් ප්‍රතිපාදන

    මැයි 04, 2016
    විමධ්‍යගත අරමුදල්වලට අමතරව විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා  පළාත් සභා මන්ත්‍රීවරුන්ට  මුදල් වෙන් කිරීමට  රජය පියවරගෙන ඇති බව  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.
    පළාත් මට්ටමෙන් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    පසුගියදා පැවති මධ්‍යම පළාත් සැසිවරායට සහභාගි වෙමින්  ප්‍රධාන අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය. 
     
    විමධ්‍යගත අරමුදල් මගින්  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත  යෝජනාවලට  අමතරව වෙනත් යෝජනා ඇත්නම් පළාත් සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මෙහිදී දැනුම් දුන් ප්‍රධාන අමාත්‍යවරයා එම යෝජනා ලබා නොදුන් මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් සිටී නම් කඩිනමින් ඒවා යොමු කරන ලෙසද දැනුම් දෙන ලදී.
     
    මේ වසරේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 25ක  විමධ්‍යගත  ප්‍රතිපාදන ලබා දෙන අතර, විවිධ ව්‍යාපෘති සදහාද රජය මුදල් ලබාදීමට පියවරගෙන තිබෙන බැවින් වෙනත් වසර වලට සාපේක්ෂව සැලකිය යුතු සංවර්ධන කටයුතු ප්‍රමාණයක් ඉටු කිරීමට මධ්‍යම පළාත් සභාවට හැකියාව ලැබෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. 
     
    මන්ත්‍රීවරුන් විසින් ලබාදෙන ව්‍යාපෘති මුදල් කොමිසම වෙත එකවර ඉදිරිපත් කළ යුතු බැවින් සියළු යෝජනා  හැකි ඉක්මණින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත ලබාදෙන ලෙස පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
     
    AP/DMU-Kandy  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya