මේ සඳහා රජය වැයකරන මුදල රුපියල් බිලියන 3.7කි. විමධ්‍යගත අරමුදල් මන්ත්‍රීවරුන්ට සියයට සියයක් ම ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශ කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය එකකය පවසයි.
එය යතාර්ථයක් කරමින් මෙතැක් මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ මිලියන 05ක ප්‍රතිපාදනය මිලියන 10 දක්වා වැඩි කිරීමට දන්වා තිබේ.ඒ අනුව 2015 වසරට නියමිත මිලියන 05 සහ 2016 වසරේ මිලියන 10ක ප්‍රතිපාදනය සමඟ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා රුපියල් මිලියන 15ක් හිමිවෙයි.
විමධ්‍යගත ප්‍රතිපාදන ලබදීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රජාශාලා,මං මාවත්, විදුලි බලය,ධීවර තොටුපල ඇතුළු ජනතාව විසින් ප්‍රමුඛතාව ලබා දෙන ව්‍යාපෘති මෙම ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ද ස්ථාපිත කෙරේ.
රටේ සංවර්ධනය නැවතී ඇති බවට හුදු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් විපක්ෂයේ ඇතැම් පාර්ෂව මතු කරන පදනම් විරහිත මතවද මින් පුස්සක් බවට පත් වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා තවදුරටත් ප්‍රකාශ කරයි.