හෙළ සුවය සංවිධානයේ වෛද්‍ය කේ.එස්. දහනායක මහතා මෙහි සම්පත් දායකත්වය සපයන ලදි.
ආහාර නිෂාපාදනය සඳහා විෂ සහිත කෘෂි රසායන භාවිතය නිසා ලෝකයම මුහුණ දී ඇති භයානක තත්ත්වය පිළිබඳව සාධක සහිතව මෙහි දී අවධාරණය කෙරිණි. හෘද රෝග, අක්මාව ඉදිමීම, වකුගඩු රෝග, අධි රුධිර පීඩනය, පිළිකා හා දියවැඩියාව ආදී රෝග ගණනාවකට කෘෂි රසායන භාවිතයෙන් නිෂ්පාදනය කරන ආහාර හේතු වී ඇති බව විද්‍යාත්මක සාධක සහිතව පෙන්වා දෙන ලදි.
මෙහිදී ශරීරයේ විෂ නසන ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත දේශීය වී වර්ග, එළවලු, පළතුරු, පළා, අල වර්ග හා ඇට වර්ග ආදිය පිළිබඳව ද හඳුන්වා දුනි.
මාතර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් මෙම දැනුම්වත් කිරීමේ වැඩ සටහන සංවිධානය කරන ලදි.
AP/DMU -Matara