නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විකල්ප බලශක්ති කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ

    අප්‍රේල් 07, 2016
    අපේ ‍රටේ දැනට තිබෙන්නේ ජල විදුලි බලාගාර සහ ගල් අඟුරු බලාගාරයි. වැසි ‍නොමැති කාලවල ජල විදුලිය නිෂ්පාදනය අඩුයි. ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනයට විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. මෙයට විසඳුමක් ලෙස සුළං සහ සූර්ය බලයෙන් විදුලිය නිපදවිමේ  ව්‍යාපෘති ආරම්භ කිරිම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය. 
    රටම එළියයි - අඳුර දුරලයි. රජයේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල නිලධාරින් දැනුවත් කිරිම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දි පසුගියදා පැවැති රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. 
     
    රත්නපුර දිස්ත්‍රික්ක‍ය ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල විදුලිය නැති සෑම නිවසකටම විදුලිය ලබා දී 100% ක් සම්පූර්ණ කිරිමෙන් පසු මැයි මස මුල දී  රටේ සෑම නිවසකටම විදුලිය ලබා දී ඇති බවට ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බව ද පැවසීය. 
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා - විදුලිය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවත් එය සුඛෝපභෝගි දෙයක් නොවන බව ද පැවසු අතර 1950 ගණන් වල දී ශ්‍රී පාදස්ථානයට විදුලිය ලබා දි තිබෙන බව ද  පැවසීය. 
     
    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා සබරගමු පළාත් මන්ත්‍රිවරුන්ද විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සහ රත්නපුර දිස්ත්‍රික්ක‍යේ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya