එහි ආරම්භක උත්සවය බස්නාහිර පළාත් අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නිරෝගී තරුණ පරපුරක් බිහි කිරීමේ අභිලාෂය ඇතිව වසවිසෙන් තොර දේශීය ආහාර සහ දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේලා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි ප්‍රදර්ශන කුටි 12ක් විවෘත වන අතර රූපලාවන්‍ය, ජ්‍යෙතිෂය, සුව ගෙඋයන, දේශීය ආහාර, ඖෂධ පැළ, ෂඩ්රස, කාබනික එළවලු යන අංශ සඳහා මෙන්ම වකුගඩු රෝග නිවාරණය, මදුරු නාශක, විසිතුරු පැළ, කොළ කැඳ, හිසතෙල් ගෑම යන තේමා මුල් කර ගෙන ද ප්‍රදර්ශන කුටි වෙන් කර තිබේ.