ඒ නිසා තමයි මෙවර අයවැයෙන් ගොවියා වගේම පාරිභෝගිකයා ගැනත් හිතලා වී මිල ගැන මුදල් අමාත්‍යවරයා රටටම හෙලි කළේ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
පොළොන්නරුව, වීරපුර ප්‍රදේශයේ ගොවියන්ගේ වී මිලදී ගැනීම පිළිබඳ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
තව දුරටත් මෙහීදි අමාත්‍යවරයා පවසා සිටියේ , මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම ගොවීන්ගේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කර ඇති බවයි.විශේෂයෙන් ගිය වර පොළොන්නරු දිස්ත්‍රික්කයේ මෙට්‍රක්ටොන් 40,000 ක් අප මිලදී ගත්තද මෙවර මෙට්‍රක්ටොන් 60,000 ක් පමණ මිලදී ගන්න පුළුවන් විධියට අපි ගබඩා හිස් කරගෙන තිබෙනවා.පසු ගියවරට වඩා මෙවර වී තොග වැඩියෙන් මිලදී ගැනිමට අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපිට ලැබිලා තියෙනවා.අපේ බලාපොරොත්තුව මෙවර වී මෙට්‍රක්ටොන් 160,000 වඩා මිලදී ගැනිමටයි.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මේ සැරේ ගොවීන්ට පොහොර දෙන්නේ නිකං.සම්පුර්ණ පොහොර සඳහා අවශ්‍ය මුදල නොමිලේ දෙනවා.හෙක්ටයාරේකට රු.12,500 කුත් හෙක්ටයාර 2ක් සඳහා රු.25,000 කුත් එක කන්නෙකට නිකන් දෙනවා.කලින් විධියට රු.350 ගෙවන්න ඕනෙත් නෑ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති, පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී විය.
AP